යටගිය දවස බරණැස් නුවර ප්‍රේමදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කලේය. මේ රජ තෙමේ ඉතා භයානකය, අනුකම්පාවෙන් තොර වූයේය. ඔහුගේ සිත් පිත් නැති දන්ඩනයන්ගෙන් හා අනුකම්පා විරහිත රාජ්‍ය පාලනය නිසා බරණැස ජනයා කටුක දිවියක්ම ගෙවූහ. දන්ඩනයෙන්ද මර්දනයෙන්ද තැලුම් කෑ දුගී ජනයා වෙනුවෙන්, ප්‍රේමදත්තගේ හිංසාකාරී පාලනයට එරෙහිව පෙරට ආ විජය කුමාර් නම් කඩවසම් කුමරෙක්වූ අතර ඔහුගේ අභීත සෙන්පතියා වූයේ රජතසේන නම් තරුණ සෙනවියාය. රජතසේනට කුඩා පුත් රුවනක් විය. ඔහු නමින් චතුර්සේන ය. වයසින් යන්තම් වසර 10ක් වුවද චතුර් සේන තෙමේ ඉතා එඩිතරය, කඩිසරය එමෙන්ම කටකාරය. තම පියාගේ අඩි පාරේම යාමට නොතිත් ආශාවෙන් පසුවූ කුඩා චතුර්සේන කුමාරයාද කෘර ප්‍රේමදත්ත කෙරෙහි මහත් වයිරයෙන් පසුවිය.
නිසි වයස පැමිණි කල කුඩා චතුර් ශිල්ප ඉගෙනීම සඳහා බරණැස සුපතල පාඨශාලවක්වූ අනඳයට යැවින. ආරම්භයේ සිටම සියලු ශිල්ප ඉගෙනීමේ දක්ෂයෙකු වූ චතුර්ට වයස අවුරුදු 9ක් වනවිටම පාඨශාලාවේ කණිටු සිසු නයු තනතුර හිමිවිය. සිසු නායක වරුන්ට එදවස පලඳනා කාක පිහාටුව තම ජටාවේ පැළද ගත් චතුර් පාඨශාලාව තුල හැසිරුනේ මහත් ආඩම්බරයෙනි.සියලු ඇඳුරන්ගේ සිත දිනා ගනිමින් චතුර් වසරක් පුරා තම සිසු නායක කම ඉතා හොඳින් උසුලාගෙන පැමිණියේය. දිනක් විවේක කාලය තුල චතුර් තම හොඳම මිතුරා වන ගෝපාල් සමග සරඹ පිටිය කෙලවරකට වී පිලිසඳරෙහි යෙදී සිටියේය.ප්‍රේමදත්ත රජු සමග බද්ධ වයිරයකින් සිටි චතුර් තෙමේ රජුව ඉතා තදින් විවේචනය කිරීමට පටන් ගති. පාඨශාලව තුල දේශපාලන කතා තහනම් බව ගෝපාල් චතුර්ට මතක් කර දුන්නද චතුර් එය ඇසුවේ නැති. උස් හඬින් කල ඔහුගේ විවේචන එතනින් යන්නට ගියා දිසාපාමොක් ඇඳුරු තුමාට ඇසිනි. ඇඳුරු තුමා වහා එතැනට පැමින ලමුන් දෙදෙනාට බැණ වැදුනේය. රජතුමා විවේචනය කිරීමේ වරදට චතුර්ගේ සිසු නයු පිහාටුව වුව ගලවා දැමිය හැකි බව ඇඳුරුතුමා පැවසූයෙන් ගෝපාලන් වෙව්ලා ගියේය.
"ප්‍රේමදත්තගේ තිරිසන් ක්‍රියා හමුවේ නිවටයෙක් මෙන් අත පය හකුලා සිටීමට ඔබට ලැජ්ජා නැතිද ඇඳුරු තුමනි, මෙතරම් උගතෙකු වන ඔබට මේ කැනහිල් ක්‍රියා තරම් නොවේ".... චතුර් තම ගුරුවරයාට දරුණු වචනයෙන් මුහුනටම දමා ගැසීය.
"චතුර් තොප මේ කතා කරනුයේ කා සමග බව අමතක වීද? "
"ගලවනු තොපේ සිසු නයු පියාපත"..........ඇඳුරුතුමා යක්ෂාවේශයෙන් මෙන් ගුගුලේය.
"ගලවනු තොපේ සිසු නයු පියාපත"..........ඇඳුරුතුමා යක්ෂාවේශයෙන් මෙන් ගුගුලේය.
"ඔහුගේ දුරදිග නොබලන වචන වලට සමාවන්න ඇඳුරු තුමනි.ඔහු වෙනුවෙන් මම ඔබෙන් සමාව අයදිමි".....යි පවසමින් ගෝපාල් තම ගුරුවරයාගේ පාද නමස්කාර කරන්නට සැරසිනි.
"එපා ගෝපාල්" චතුර් ඔහුව වැලකීය
"සිසු නයු පියාපත ගලවන සැටි මම පෙන්වන්නම්. අවුරුදු 6ක් වෙද්දි ප්‍රේමදත්තගේ කඳුලු වායු ප්‍රහාර වලට නොබියව මුහුණ දුන් මට, මේ පියාපත ගැලවීම මහ දෙයක් නොවේ"
"ඇඳුරුතුමනි තොපේ මේ නිවට සිසු නයු පිහාටු මට අළුයම ලූ කෙල පිඬක් තරම් වත් නොවටී. මෙන්න ඔබේ බලු නොවටින පිහාටුව"......චතුර් තම සිසු නයු පියාපත ඇඳුරාගේ පා මුලට විසි කරමින් පැවසීය."
"චතුර්, තොප නම් මහා මුග්ධයෙකි.....මම සිතා සිටියේ මගේ දක්ෂතම සිසුවා වන නුඹට මගේ දුවණිය සරණ පාවා දීමටයි. නමුත් තොපගේ මේ මුරන්ඬු ක්‍රියා කලාපය නිසා තොපට කිසි දිනක ඇයව පාවා නොදෙමි"
"නිවටයෙකු වන තොප වැනි පියෙකුගේ දියණිය මට නවදැලි හේනක වැඳිරියක් තරම්වත් නොවටී ඇඳුරු තුමනි"
"මගේ පියා දැනටමත් මට විජයකුමාර් කුමාරයාගේත් චන්ද්‍රිකාන්ති දේවියගේත් දුවණිය මට සරන දීමට තීන්දු කොට අවසානයි"".
"මගේ පියා දැනටමත් මට විජයකුමාර් කුමාරයාගේත් චන්ද්‍රිකාන්ති දේවියගේත් දුවණිය මට සරන දීමට තීන්දු කොට අවසානයි"".
ආඩම්බරයෙන් තම ගුරුවරයාට නිසි පිලිතුරු දුන් චතුර් නැවත තමන් පාඨශාලවට නො එන බව පවසා ඇඳුරු තුමාගේ දෙපා නමැද නික්ම ගියේය. ඇඳුරු තුමාගේ දියනිය "ශිවනාරි", තම කුටියේ සිට, නික්ම යන චතුර් දෙස හැපින්නක් මෙන් කෝපයෙන් පුපරමින් බලා සිටිනු ගෝපාල් දුටුවේය. තමා කවදා හෝ අනාගත බවයක ඉපදුනොත් ශිවන්‍යා ලෙස නම් කල නාග කන්යාවකගේ කතාවක් ප්‍රේම දඩයම යන නමින් නාටක ගත කල යුතු බව ගෝපාල්ට සිතිනි.
Good one !
ReplyDeleteThanx machan
DeletePatta bro
ReplyDeletethank u wewa bokka
Deleteතවත් චතුර් කතාවක් වගේ. මරු. .
ReplyDeleteBabbaababaab niyama kathaaawa...
ReplyDelete