Saturday, July 16, 2016

SAITM නැවත නැවතත්....







SAITM කථන්දරේ ආයෙත් ත්‍රාසජනක අයුරින් රගදැක්වෙන්නට පටන්ගෙන ඇත්තේය.මේ හුට පටේ නිසා දැන් දැන් වැඩියෙන්ම අපහසුතාවට පත්වෙමින් සිටින්නේ මහජනතාවය.සරසවි සිසුන් මාසෙකට දෙපාර ගානේ පැමින කොටුව ඉස්ටේශම ඉස්සරහ පාර block කලවිට මහජනතාව ගමනක් බිමනක් යාගත නොහී එහෙන් තැලෙන්නේය.දොස්තරලාත් තම අරගලය වඩා තදින් කරන්නට  යන්නේ බෙහෙත් දෙන එක වර්ජනේ කොරලා නිසා ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්නට යන උන් මෙහෙන් තැලෙන්නේය.අවුරුදු ගානක් තිස්සේ ඇදෙන මේ මෙගා නාට්ටිය දිහා ආණ්ඩුව ඇල් මැරුණු බැල්මෙන් බලාහිදින්නේය.උන්දැලා කට පුක වහන් මේ දෙස බලා ඉන්නේ කස්ටිය උසාවි ගානේ ගොස් මේ අවුල ලිහාගෙන එනකල්ය.එතකොට එයාල සුද්දවනතයින් වන නිසා වෙන්නට ඇතිය.එතකොට නිදහස් අජ්ජාපනේ පෞද්ගලීකරනය කලා කියලා මොකෙක් හෝ කිව්වොත් එයාලාට පසුගිය ආන්ඩුවට හා අධිකරනය දෙසට අගිල්ල දික් කොරන්නට පුලුවන්ය.

අපේ කැම්පස් අනුබව කිරීමේ ගිනස් වාර්තා පිහිටවූ SB ඇමතිගේ කාලේ ඇරඹි SAITM එක යහපාලන ආන්ඩුව යටතේද අවුලක් නැතිව run වෙමින් තිබ්බේය.SBගේ කාලේ මේක අතයටින් නීත්‍යානුකූල කොරන්නට පුදුම ගේමක් දුන්නේය.අරහෙන් මෙහෙන් ගැසට් වැදුනේය.උසස් අධ්‍යාපන ලේඛම් ලියුම් යවා SAITM එකේ ලොක්කන් සැනසුවේය.එනමුත් වයිද් සභාවේ අනුමැතිය නම් කිසිදා එයාලාට ලබා ගන්නට නොහැකි වුනේය.යහපාලන ජනපතිදුන් සෞඛ් ඇමති ලෙස ඉන්නා කාලේ පත් කල කමිටුවද SAITM medical faculty එකට නිසි ප්‍රමිතියක් නැති බවත් වෙද උපාධි පිරිනැමීමට සුදුසුකම් නැති බව පවසා ඇත්තේය.නමුත් එසේ තියෙද්දිත් SAITM එකේ ලොක්කෝ හොර පාරේ ගේම ගහගෙන ආවේ මෙරටේ උසස් අධ්යාපනය බාරව ඉන්න උන්ට ඒවායේ ප්‍රමිතිය ගැන ඒහැටි කැහිල්ලක් නොමැති නිසාය.SB කාරයා මෙන් අපත නැතත් දැන්, අධ්යාපනය හා උසස් අධ්යාපනය බාරව ඉන්න හාදයෝ දෙන්නාත් මෙලෝ රහක් නැති ඩයල් දෙකක් බැවින් එයාලටත් ඕක ප්‍ර‍රමිතිගත කිරීමේ ඇම්මක්  නැත්තේය.රජය මැදිහත්වෙලා එක්කෝ ඔය මගුල වසලා දැමිය යුතුව තිබ්බේය.නැතිනම් නිසි ප්‍ර‍මිතියකට යටත් කර වෙද උපාධිය දීමට කටයුතු සලසා දීමට තිබ්බේය.මේ ආණ්ඩු දෙකම මුකුත් නොකර ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් දෙස බලා සිටියා පමණි.

ප්‍රශ්නය නැවත පත්තු වෙන්නේ SAITMඑකේ පළමු සිසුන් කන්ඩායම ලගදී උපාධි ලබා එලියට ඒමත් සමගය.කෝටියකට වඩා වියදම් කොරල තමන්ගේ ලමයින්ට වෙද උපාධිය අරන් දුන්නත් උන්ට දැන් මෙහේ දොස්තරකම කොරන්නට බැරි බව මවු පියන්ට පෙනී ඇති බැවින් එයාලා දැන් ගේමට බැස ඇත්තේ ඊට අව්සර දෙන ලෙස රජයෙන් ඉල්ලමින්ය.ඒකත් සමග සරසවි සිසුන්ගේ හා දොස්තරලාගේ විරෝධී සටනත් තීව් වී ඇත්තේය.සරසවි සිසුන්ගේ හා දොස්තරලාගේ මේ විරෝධය සම්බ්න්ධ අදහස් මීට පෙර ලිපි දෙකකින්ම (1 , 2) කතා කර ඇති නිසා තවදුරටත් ගැන කතා කොරලා වැඩක් නැත.

අද කථාවට විශේශයෙන් පාදක වන්නේ පසුගිය දින වල පැවති tv programs දෙකකදී SAITMදෙමාපිය සන්ගමේ කටවල් වලින් කියවුනු අදහස් කිහිපයකි.දැන් එයාලා කියන්නේ තම දරුවන්ට මේ රටේ දොස්තරකම් කිරීමට අයිතියක් ඇත කියලාය.මෙරට දොස්තරලා හා කැම්පස් කොල්ලෝ කුමක් කිව්වත් SAITM  ප්‍රමිතියේ අවුලක් නෑ කියලාය.SAITM එක හොර පාරෙන් වෙද උපාධි දීමට පාර කපා නොගත් බවත් එය ඉතා අවන්ක හා නීතිගරුක ආයතනයක් බවත් මේ දෙමාපිය සන්ගමේ කස්ටිය පවසන්නේය.දැන දැනම අමාරුවේ වැටී ලක්ශ ගනන් වියදම් කර, දැන් තමන්ගේ දරුවන්ගේ රස්සාව ගොඩ දාගන්නට දෙමාපියන් ලෙස ගසනා බොරු කන්දරාවක් හා අදෝනාවක් පමනකි මේ. මුල සිටම ශ්‍රීකන්කා වයිද් සභාවේ අනුමැතිය නොමැති බව දැන දැනම තම දරුවන් SAITM එකට ඇතුලු කල මෙයාලා දැන් රජය ඉදිරියේ අඩා වැලපෙන්නේ තම දරුවන්ට සාදාරණයක් කරන්නට කියලායදැන් වයිද් සභාවට මේ පිලිබද තීරණ දෙන්නට ඇති අයිතිය පිලිබද උසාවියේ නඩු ඇසෙමින් පවතින්නේය.තමන් මේසා මහා මුදලක් වියදම් කරනුයේ  අවසරයකින් තොර ආයතනයකට බව ඔවුන් හොදාකාරවම දැන සිටි බව පැහැදිලිය. නිසා දැන දැනම අමාරුවේ වැටුනු මේ ත්වරුන් දැන් එහි බර ආන්ඩුවට ගන්නට බල කරමින් ඉන්නේය. නිසි අවසරයකින් තොර ආයතනයකට දැන දැනම තම මුදල් කන්නට ඉඩ දුන් පසු එහි බර රටේ ජනතාව දැරිය යුතුද? ඉතින් ඔය අදෝනා ගැන නම් කියන්නට ඇත්තේ කුම්බ්ලා කරවල කෑවානම් විදවපන් බලලෝ කතාව මිස අන් කිසිවක් නොවේ.

අනෙක් පැත්තේන් රජය තාමත් මේ පිලිබද හරි හැටි උත්තරයක් දීලා නැත්තේය.එයාලා මේ ඉලව්ව ප්‍රමිති ගත කර නිසි අවසරය දෙනවා නම් රටේ අධ්යාපනයටත් ආර්ථිකයටත් නව දොරටුවක් පෑදෙන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැතිය.නමුත් මේ ආන්ඩු දෙකම මේ පිලිබද ඉන්නේ කොන්ද පන නැත් තීරනයක බැවින් මේ ඉලව් ප්රශ්නය නිසා කැම්පස් ලමුන් හැමදාම පාරේ පිකට් කොරන්නේය.උන් SAITM එකට හූ කියන්නේය. NSBM එවුන් කැම්පස් උන්ට හූ කියන්නේය.මේ වල් වැදී දෙපසට බෙදී චාටර් සන්ස්කෘතියකට මුහු වෙමින් ඉන්නේ මේ රටේ උගත් තරුණ ශිෂ්‍ය ප්‍රජාවයි.උන් මේ දෙපසට බෙදී අපහාස කරගනුයේ රටේ දේශපාලන බලාධිකාරිය අධ්‍යාපනය නම් පහන් ටැඹට ආලෝකයක් එක් කිරීමට දක්වන මැලි කමේ ප්‍රතිපලයක් විසින් බව උන්ට වැටහෙන්නේ නැත්තේය.

ඒ නිසා සටන් දෙකක් අප ඉදිරියේ ඇත්තේය.එකක් නිසි ප්රමිතියක් හා අවසරයකින් යුත් පෞද්ගලික වි.වි පද්ධතියක් සදහාය.තැන තැන හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන නිසා, වසර ගනනක් දුක් විද නෙතට නිදි නොලබා උසස් පෙල කඩඉම ඉහලින් ජයගෙන රජයේ වි.වි පද්ධතියට ඇතුලුවනබොහෝ දෙනාගේ මහන්සියට අසාධාරනයක් වන්නේය.රජයේ වි.වි වල ආචාර්ය වරුන් තමන්ට ලැබෙන මුදල මත, පෞද්ගලික අන්ශයට ඇදීයාමෙන් සිදුවන බුද්ධිගලනය කරන කොට ගෙන අවසානයේ රජයේ වි.වි පද්ධතිය ඇට්ටකුනා වීමේ අවධානමක් ඇත්තේය. නිසා අධ්යාපනයේ නිදහස ලබාදීමේ නිසි පියවරක් ලෙස පෞද්ගල්ක වි.වි පද්ධතියක අවශ්‍යතාව පිලිගත යුතු අතරම ඒවා නිසි නියාමනයෙන් යුතු හා රටේ වෘතීය වෙලද පොල ධාරිතාව සමග ගැලපෙන අයුරින් පවත්වාගැනීමේ වැඩපිලිවෙලක් අවශ්‍ය වී තිබේ..............වත්මන් රජය බොරු ඉලල්ක්කම් විජ්ජා දමා සන්ඛ්‍යා ලේඛන සාදා අධ්‍යපනයට හෙන තොගයක් මුදල් යෙදෙව්වා කියා පම්පෝරි ගසා වැඩක් නැත්තේය.රජයේ වි.වි උපාධියේ ගුනාත්මක බව හා වෘතීය බව ඉහල නැන්වීමේ වගකීමක් රජයට ඇත්තේය.උසස් පෙල කඩඉම ඉහලින් ජයගෙන එන දරුවන්, රටේ පොදු ජනයාගේ මුදල් වැය කරමින් ලබා ගන්නා උපාධිය රටට වැඩදායී අයුරින් යොදා ගත හැක්කක් බවට පත් කල යුතුය.උන්ගේ අවුරුදු ගනනක මහන්සිය අවසන් වනුයේ රැකියා විරහිත උපාධිදාරී සන්ගමයට බැදීමේ සුදුසුකමක් ලෙස පමණක් නම් ඉන් පල නොවන්නේය.මේ කරුනු රාජ්‍ය උපාධිය තුල පවත්වා ගැනීමටත් රාජ්‍ය වි.වි පද්ධතියේ ගුනාත්මක බව රැක ගැනීමටත් අව්ශ්‍ය වන දෙවනි නොනවතින සටන සරසවි  සිසුන් හා මෙරට මහජන ප්‍රජාව කල යුතුව ඇත්තේය.දැනට පවතින තත්වය තුලනම් නැවත නැවතත් පෙනෙන්නට ඇත්තේ හැම එකාම උස්සන් ඉන්නේ වැරදි සටන් පාඨ රැගත් පුවරු පමණක් බවය.....